JavaScript is required

ළදරු පාසල් කට්ටලය (Kinder Kits) - සිංහල (Sinhalese)

අරමුදල් සම්පාදනය කරන ලද තුන් අවුරුදු පෙර පාසල් වැඩසටහනකට 2025 වසරේදී ඇතුළත් වූ සෑම දරුවෙක්ම කින්ඩර් කිට් (Kinder Kit) කට්ටලයක්‌ ලැබීමට සුදුසුකම් ලබයි.

පවුල් සඳහා මගපෙන්වීම

Title page on purple background with illustration of two children playing, text  displayed is Guide for Families.

ඔබේ Kinder Kit ගැන

සෙල්ලම් කිරීම ඔබේ දරුවාගේ ඉගෙනීමට සහ සංවර්ධනයට උපකාරී වන විනෝදජනක සහ ආකර්ශනීය ක්‍රමයක් වේ. දෙමාපියන්, රැකබලා ගන්නන් සහ පවුලේ අය එම ගමනේ විශාල කොටසකි.

Kinder Kits පොත්පත්, අධ්‍යාපනික සෙල්ලම් බඩු සහ ඔබේ දරුවාට සහ පවුලේ අයට නිවසේදී විනෝද වීම සඳහා සාදන ලද ක්‍රියාකාරකම්වලින් පිරී ඇත.

එක් එක් Kinder Kit හි විශේෂයෙන් අවුරුදු තුනක් වයසැති දරුවන් සඳහා සාදන ලද අයිතම ඇතුළත් වේ.

Illustration of three children playing. One is reading a book, one is colouring in, one is holding animal finger puppets.

Victorian Early Years Learning 
and Development Framework (වික්ටෝරියානු මුල් වසරවල ඉගෙනුම් සහ සංවර්ධන රාමුව)

මුල් ළමාවිය සම්බන්ධ ගුරුවරු සහ අධ්‍යාපනඥයෝ ඔබේ දරුවාට වර්ධනය හා ඉගෙනීම සඳහා උපකාර කරති.

පෙර පාසල් වැඩසටහන් Victorian Early Years Learning and Development Framework (VEYLDF) භාවිතා කරති.

ඔබේ Kinder Kit තුළ ඇති සෑම දෙයක්ම VEYLDF හි පහත දැක්වෙන ඉගෙනුම් සහ සංවර්ධන ප්‍රතිඵල 1 ක් හෝ ඊට වැඩි ගණනක් සමඟ සම්බන්ධ වේ:

  • අනන්‍යතාවය
  • ඉගෙනීම
  • ප්‍රජාව
  • සන්නිවේදනය
  • යහ පැවැත්ම

පිටේ එල්ලන බෑගය

Kinder Kit පිටේ එල්ලන බෑගයන් සෑම දිනකම භාවිතා කල හැකිය.

ඔබේ දරුවාට බෑගය පිටුපස ඇති කාඩ්බෝඩ් ටෑගය මත ඔවුන්ගේ චිත්‍ර ඇඳීමට පුරුදු විය හැකි අතර එවිට ඔවුන් තම බෑගය කුමක්දැයි හඳුනා ගනී.

පිටේ එල්ලන බෑගය දිගහැර Velcro පටිතීරු යොදා ගනිමින් ආරක්ෂිත කරන්න. සිතින් මවාගත් සෙල්ලම් කිරීම සඳහා ෆෙල්ට් පෘෂ්ඨය භාවිතා කරන්න.

  • බෑගය ඔබේ දරුවාගේ පිටකොන්ද මත සිටින පරිදි පිටේ එල්ලන බෑගයේ පටි තද කිරීම හෝ ලිහිල් කිරීම සිදු කරන්න.
  • felt garden යොදා ගනිමින් ගෙවත්තක් සාදන්න.
  • නාම ටැගය මත චිත්‍ර ඇඳීමට දිරිමත් කරන්න.
  • පෙර ලිවීමේ කුසලතා පුහුණු කරන්න.

කියවීම

කියවීම පවුලක් ලෙස එකට කාලය ගත කිරීම සඳහා විශිෂ්ට ආකාරයක් වේ. එය සාක්ෂරතා සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත්ම මාර්ගයකි.

ඔබේ දරුවා සමග නිතිපතා කතන්දර කීම සඳහා කාලයක් බෙදා හදා ගැනීම ඔවුන්ගේ පරිකල්පනය සහ වචනමාලාව වර්ධනය කිරීමට උපකාරී වනු ඇත.

  • එක්ව පොතක් තෝරගන්න.
  • තැන්පත්ව සිටීමට සහ කියවීමට සුවපහසු ස්ථානයක් සොයා ගන්න.
  • කතාන්දරයේ ඊළඟට සිදු විය හැකි දේ ගැන ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවකාශය ලබා දෙන්න.
  • විවිධ හඬවල් භාවිතා කරන්න.

චිත්‍ර ඇඳීම සහ සලකුණු කිරීම

චිත්‍ර ඇඳීම සහ සලකුණු කිරීම මගින් දරුවන්ට නිර්මාණශීලීව ඔවුන් ගැනම ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි. කඩදාසි මත පාටකූරු අත්හදා බැලීමෙන්, දරුවෝ:

  • ලිවිය යුතු ආකාරය ඉගෙන ගැනීම සඳහා වැදගත් වන සියුම් චාලක කුසලතා වර්ධනය කර ගනිති
  • ඔවුන්ගේ ඇස්-අත් සම්බන්ධීකරනය වැඩිදියුණු කර ගනිති
  • වර්ණ, හැඩතල, රටා සහ රේඛා ගැන ඉගෙන ගනිති
  • නිර්මාණශීලීත්වය ප්‍රකාශ කරති
  • අන් අය සමඟ සන්නිවේදනය කරති.

  • චිත්‍ර ඇඳීමේ ක්‍රියාවලියෙන් විනෝද වීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. චිත්‍ර ඇඳීම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට උපකාරී විය හැකිය.
  • ඔබ චිත්‍ර අඳින අතරතුර කතා කරන්න.
  • වර්ණයන් සහ හැඩයන් නිරීක්ෂණය කර ඒවා නම් කරන්න.

නිර්මානශීලී ක්‍රියාකාරකම්

නිර්මාණාත්මක සෙල්ලම් කිරීම මගින් ඔබේ දරුවාගේ ඉන්ද්‍රියයන් 5ම - පෙනීම, ගඳ / සුවඳ, ශ්‍රවණය, ස්පර්ශය සහ රසය - උත්තේජනය කරයි. එය ඔබට අවට ලෝකය ගැන ගවේෂණය කිරීමට, සොයා ගැනීම සහ ඉගෙන ගැනීම සඳහා වන විනෝදජනක ක්‍රමයක් වේ.

  • බ්ලොක්ස් (blocks) ගොඩගැසීමේදී, ප්‍රතිවර්තනය වීමේ (යථාතත්වයට පත් වීමේ) හැකියාව පුහුණු කිරීම දිරිමත් කරන්න. ඒවා වැටුණහොත්, ඔබේ දරුවාට ගැඹුරු හුස්ම 3 ක් ගෙන නැවත උත්සාහ කළ හැකිය.
  • ප්ලේඩෝ රෝල් කර බෝලයක් සැදීමට උත්සහ කරන්න, හැඩතල සාදන්න, එය සමතලා කරන්න, එය මිරිකන්න.
  • එකට එකතුව සංගීතය කරන්න. ඔබේ අත්වලින් අත්පුඩි ගැසීම හෝ ඔබ නිවසේ ඇති අයිතමවලට තට්ටු කිරීම මගින් විවිධ රිද්ම සහ ස්පන්දනයන් නිර්මාණය කරන්න.

එළිමහනේ සෙල්ලම් කිරීම

අධීක්ෂණය යටතේ එළිමහන් සෙල්ලම් කිරීම ඔබේ දරුවාගේ වර්ධනයේ, සංවර්ධනයේ සහ යහපැවැත්මේ විශාල කොටසකි.

දරුවන්ට පහත දැක්වෙන දේ කළ හැකිය:

  • සොබා දහම ගැන ඉගෙනීම මගින් විද්‍යාව සමඟ සම්බන්ධයක් ගවේෂණය කර වර්ධනය කර ගැනීම
  • නිදහස පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම
  • අනෙක් දරුවන් සමඟ සමාජීයව කටයුතු කිරීම
  • සෙල්ලම් කිරීමේදී හොඳ තේරීම් කරන්නේ කෙසේදැයි ගවේෂණය කර ඉගෙන ගැනීම
  • සම්පූර්ණ ශරීර චලනය, අත්-ඇස් සම්බන්ධීකරණය සහ සියුම් චාලක හා නිර්මාණශීලී කුසලතා වර්ධනය කිරීම.

  • ශාක කොළ ගැන කතා කර විවිධ වර්ණ සහ හැඩයන් නම් කරන්න.
  • එකට එක්ව බීජ සිටුවන්න.
  • සොබා දහම සමග සම්බන්ධ වන්න අපගේ පරිසරය ආරක්ෂා කරගැනීම පිළිබඳව කතා කරන්න.
  • වැලි මාලිගා සාදන්න.

නාට්‍යරූපී ක්‍රීඩාව

නාට්‍යරූපී ක්‍රීඩාව මගින් පරිකල්පිත කථා රඟ දැක්වීමට සහ අනෙකුත් චරිතවල භූමිකාවන් ගෙනහැර දැක්වීමට දරුවන්ව දිරිමත් කරයි.

දරුවන් වැදගත් භාෂා සහ සමාජ කුසලතා ප්‍රගුණ කිරීම සඳහා නාට්‍යරූපී ක්‍රීඩාව භාවිතා කරන අතර එයට පහත දැක්වෙන දේ ඇතුළත් වේ:

  • නව ලෝකයන් ගවේෂණය කිරීම හා නිර්මාණය කිරීම
  • බෙදා හදා ගැනීම හා යමක් අනුපිළිවෙලින් කිරීම
  • එකිනෙකා සමග අන්තර් ක්‍රියාකාරිත්වයේ යෙදීමේ හා කතාබහ කිරීමේ ක්‍රමවේදයන්.

  • ඉංග්‍රීසියෙන් හා වෙනත් භාෂාවලින් සතුන් නම් කරන්න.
  • චරිත නිර්මාණය කරන්න.
  • කතාන්දර නිර්මාණය කරන්න.
  • හැඟීම් සහ විවිධ චිත්තවේගයන් ගවේෂණය කිරීම සහ ප්‍රකාශ කිරීම සඳහා රූකඩ භාවිතා කරන්න.

ක්‍රීඩා

පවුලේ අය සහ මිතුරන් සමග ක්‍රීඩා කිරීම ඔබේ දරුවාගේ සමාජ කුසලතා ගොඩනැගීම සඳහා හොඳ ක්‍රමයකි.

ක්‍රීඩාවන් මගින් දරුවන්ට ගණිත හැකියාව, භාෂාව සහ ගැටළු විසඳීමේ කුසලතා ඉගෙන ගැනීමට උපකාර කළ හැකිය.

  • ක්‍රීඩා නීති ඉගෙනගෙන යමක් අනුපිළිවෙලින් කිරීම පුහුණු කරන්න.
  • ගැටලු විසඳීමේ සහ මතක ලබාගැනීමේ කුසලතා පුහුණු කරන්න.
  • ඉලක්කම් ගැන සාකච්ඡා කර වස්තූන් භාවිතයෙන් ගණන් කිරීම පුහුණු කරන්න.

ප්‍රජාව ගොඩනැගීම

දරුවෝ සෙල්ලම් කිරීම ඔස්සේ තමන් හා අවට ‌ලෝකය ගැන ‌ඉගෙන ගනිති. දරුවන් සෙල්ලම් කිරීම හා ඉගෙනීම එකට සිදුකරයි. ඔබේ Kinder Kit හි ඇති අයිතම විවිධත්වය සහ විවිධ සංස්කෘතීන් පිළිබඳ සංවාද කිරීමට ඔබට උපකාරී වේ.

  • වෙනත් රටවල් සහ එම රටවල දේශීය සතුන් ගැන ඔබේ දරුවා සමග කතා කරන්න.
  • විවිධ භාෂා ආරම්භ වන්නේ කොතැනින්දැයි සොයා බැලීමට ලෝක සිතියමක් දෙස බලන්න.

අනන්‍යතාවයට ගරු කිරීම

සියලුම සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට දරුවන් දිරිමත් කිරීම මගින් අවබෝධය, පිළිගැනීම සහ අභිමානය ගොඩනැගෙයි. ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ සංස්කෘතීන්, සහ මෙහි වික්ටෝරියාවේ කූරි (Koorie) සංස්කෘතීන් දැනට ජීවමානව හා ශක්තිමත්ව වැඩෙමින් පවතී. ඔවුන් Kinder Kits හි කතුවරුන් හා කලාකරුවන් ලෙස සැමරීමට අපි ආඩම්බර වෙමු. ඔබේ දරුවාට කූරි සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට උපකාර වන ක්‍රියාකාරකම් කිහිපයක් මෙන්න:

  • වස්තූන් හෝ සතුන් සඳහා කූරි සංකේත ඉගෙන ගන්න.
  • කූරි සස්කෘතිය, නායකයන් සහ වීරයන් ගැන ඉගෙනගෙන ඒ පිළිබඳ කතා කරන්න.
  • භූමිය පිලිගැනීමේ වැදගත්කම සොයා ගන්න.

කූරි සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් ගවේෂණය කරන විනෝදාත්මක, සිත් ගන්නාසුලු ක්‍රියාකාරකම් Victorian Aboriginal Education Association Inc. (වික්ටෝරියානු ආදිවාසී අධ්‍යාපන සංගමය) වෙබ් අඩවියේ ඇත.

Auslan (ඔස්ලෑන් - බිහිරි ප්‍රජාව සඳහා භාවිතා කරන ඔස්ට්‍රේලියානු සංඥා භාෂාව) පොත්

Auslan යනු වික්ටෝරියාවේ Early Childhood Language Program (මුල් ළමාවිය භාෂා වැඩසටහන) හි භාවිතා කරන සංඥා භාෂාවයි. මෙම වැඩසටහන සමහර අවුරුදු හතරේ පෙර පාසල්වලින් ලබාගත හැකිය.

බාල වයසකදී වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් දරුවන්ට පහත දැක්වෙන ඒවා ඇතුළුව බොහෝ ප්‍රතිලාභ ලැබේ:

  • පෙර කියවීමේ සහ පෙර ලිවීමේ කුසලතා වැඩිවීම
  • සංජානන නම්‍යශීලීභාවය
  • ආත්ම අභිමානය සහ යහපැවැත්ම ඉහළ නැංවීම
  • සංස්කෘතික අනන්‍යතාවය ශක්තිමත් වීම.

2025 වසරේ Kinder Kits හි අඩංගු පොත්වලින් බොහොමයක් සඳහා Auslan පරිපර්තන ලබාගත හැකිය.

  • Auslan හරහා හැගීම් ප්‍රකාශ කරන්න.
  • Auslan භාවිතයෙන් ආයුබෝවන් කියන්න.

යහ පැවැත්ම සහ අමතර සහාය

සියලුම දරුවෝ වෙනස් ආකාරයකින් සහ තමන්ගේ ම වේගයකින් ඉගෙන ගනිති. Kinder Kits මගින් ඔබේ ළමා පොත් සහ අධ්‍යාපනික සෙල්ලම් බඩු ලබා දෙන අතර ඒවා සියලු හැකියාවන්ට අභියෝග කිරීමට විවිධ ආකාරවලින් භාවිතා කළ හැකිය.

ඔබට හෝ ඔබේ දරුවට අමතර සහාය අවශ්‍ය නම්, පහත මාර්ගයන් ඔස්සේ උපකාර ලබාගත හැකිය:

  • මුල් ළමාවිය ගුරුවරුන් හට උපකාර කිරීමට අවශ්‍ය කුසලතා සහ දැනුම තිබේ. ඔබේ ප්‍රශ්න සම්බන්ධව ඔබේ දරුවාගේ මුල් ළමාවිය ගුරුවරයා සමග කතා කරන්න.
  • ඔබේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඔබේ වෛද්‍යවරයා හෝ මාතෘ හා ළමා සෞඛ්‍ය හෙදිය හමුවීමට වේලාවක් වෙන් කර ගන්න.
  • Parentline 13 22 89 ඔස්සේ අමතා රහසිගත උපදේශනය සහ සහාය නොමිලේ ලබාගත හැකිය.

මුල් ළමාවිය අධ්‍යාපනයේ වෘත්තීන්

වික්ටෝරියාවේ වර්ධනය වන පෙර පාසල් අංශයේ වෘත්තියක් ආරම්භ කිරීම සලකා බලන්න. මුල් ළමාවිය ගුරුවරයෙකු හෝ අධ්‍යාපනඥයෙකු වීමට ඔබට සහාය වීමට, පහත දේ ලබාගත හැකිය:

  • නම්‍යශීලී අධ්‍යයන විකල්ප
  • ත්‍යාගශීලී ශිෂ්‍යත්ව
  • මුල්‍ය දිරිගැන්වීම්.
Illustration of two children sitting on the floor playing with blocks while two adults talk, speech bubble from one adult with text


ඔබේ Kinder Kit පරිත්‍යාග කිරීම

ඔබේ දරුවා තම Kinder Kit අයිතම භාවිතා කිරීම අවසන් කළ පසු, වෙනත් කෙනෙකුට ඒවා වෙත කැමැත්ත දක්වා භාවිතා කිරීමට හැකි වන පරිදි ඒවා පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීම ගැන සලකා බලන්න.

අයිතමයක් පරිත්‍යාග කළ හැකිද යන්න තීරණය කිරීමේදී, ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් වන්නේ: මා මෙය මිතුරෙකුට දිය යුතුද? යන්නය පිළිතුර ඔව් නම්, එය පුණ්‍යායතනයකට දීම සුදුසු ය.

තිරසාරත්වය සහ දේශගුණික විපර්යාසයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා සුදුසු අයිතම පරිත්‍යාග කිරීම අත්‍යවශ්‍ය වේ.

Illustration of two children adding kinder kit items to a donations box.

Updated