ළදරු පාසල් කින්ඩර්ගාටන් හා මුල් ළමා විය අධ්‍යානය ලෙස ද හැඳින්වෙන ළදරු පාසල් ඔබේ දරුවාගේ සංවර්ධනයේ හා ඉගෙනීමේ වැදගත් කොටසකි. වයස අවුරුදු 3 දී ගුණාත්මක ළදරු පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම ඔවුන්ට ජීවිතයේ සහ පාසලේ හොඳින් කටයුතු කිරීමට කුසලතා වර්ධනය කිරීමට උපකාරී වේ.
ඔබට ඔබේ දරුවාගේ උපන් දිනය ආරම්භක වයස ගණකයට දැමීමෙන් ඔවුන්ට අවුරුදු තුනේ හා අවුරුදු හතරේ ළදරුපාසල් ආරම්භ කළ හැක්කේ කවදාදැයි සොයා ගත හැකිය.
ප්‍රී-පෙප් යනු කුමක් ද?
2025 වන විට, අවුරුදු හතරේ දරුවන් සඳහා වන ළදරු පාසල, ප්‍රී-පෙප් බවට පත්ව ඇත.
2026 සිට, පහත සඳහන් දරුවන් සඳහා සතියකට පැය 16ත් 25ත් අතර ප්‍රී-පෙප් ලබා ගත හැකි ය:
- සරණාගත හෝ ආරක්ෂාව පතන පසුබිම්වල දරුවන්ට
- ආදිවාසික හෝ ටෝරස් සමුද්‍රසන්ධි දූපත්වාසී සේ හඳුනාගැනෙන දරුවන්ට
- ළමාරක්ෂක සේවා (Child Protection) සමග කටයුතු කර ඇති පවුල්වල දරුවන්ට
ප්‍රී-පෙප් ක්‍රීඩා ක්‍රියාකාරකම් පාදක කර ගෙන පැවැත්වෙන අතර සුදුසුකම් ලත් මුල් ළමාවිය ගුරුවරුන් විසින් මෙහෙයවනු ලැබේ.
අමතර පැය මගින් දරුවන්ට ක්‍රීඩා කිරීමෙන් ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ කුසලතා සහ විශ්වාසය ගොඩනගා ගැනීමට වැඩි කාලයක් ලබා දෙයි.
ප්‍රී-පෙප් ස්වාධීන (සැසිවාර) ළදරු පාසල් සහ දිගු දිවා සුරැකුම් මධ්‍යස්ථාන හරහා ලබා දෙනු ලැබේ.
ප්‍රී-ප්‍රෙප්, අවුරුදු හතරේ දරුවන් සඳහා වන ළදරු පාසල සහ අවුරුදු තුනේ දරුවන් සඳහා වන ළදරු පාසල නොමිලේ ළදරු පාසලේ කොටසකි. නොමිලේ ළදරු පාසල (ෆ්‍රී කින්ඩර්, "Free Kinder") ගැන වැඩි විස්තර දැනගන්න.
ළදරුපාසල් පැය ගණන
අරමුදල් සපයනු ලබන අවුරුදු තුනේ දරුවන්ගේ ළදරු පාසල් වැඩසටහන් සතියකට පැය 5 සිට 15 දක්වා ලබා ගත හැකිය. අරමුදල් සපයනු ලබන සිව්-හැවිරිදි ළදරු පාසල් වැඩසටහන් සතියකට පැය 15 ක් ලබා ගත හැකිය.
වික්ටෝරියාවේ අවුරුදු හතරේ දරුවන් සඳහා වන ළදරු පාසල, ප්‍රී-පෙප් එකක් වෙමින් තිබෙන අතර, සෑම සතියක ම පැය 15 සිට 30 දක්වා ක්‍රමයෙන් වැඩි වේ.
ඔප්පු කරන ලද ප්‍රතිඵල
ළදරු පාසල් වැඩසටහන්වලට යන දරුවෝ ගණන් කරන ආකාරය හා ඉලක්කම් හා අකුරු හඳුනාගැනීම මෙන්ම ගැටලු විසඳන ආකාරය වැනි නිපුණතා සංවර්ධනය කර ගැනීමට පටන් ගනිති. දරුවන් ළදරු පාසලේදී සිය ආත්ම විශ්වාසය ගොඩනගා ගනු ඇති අතර, සමාජයීය හා භාවමය නිපුණතා ඉගෙනීම සිදු කරනු ඇත. ඔවුන් සමාජගත වී අලුත් මිතුරන් තනා ගනු ඇත.
ඔබේ දරුවා නිරන්තරයෙන් ළදරු පාසලට පැමිණෙන විට, ඔවුන් තම සම වයසේ මිතුරන් සහ අධ්‍යාපනඥයන් සමග ගැඹුරු සම්බන්ධතා අත්විඳියි. මෙම ආයත්තතාව පිළිබඳ හැඟීම ඔබේ දරුවා තුළ වටිනාකමක්, ආරක්ෂාවක් සහ ඉගෙනීම ගවේෂණයට හා එමගින් සතුටක් ලැබීමට විශ්වාසයක් වේදනයට උපකාරී වේ.
ළදරු පාසලෙන් පුරෝකථනය කිරීමේ හැකියාව සහ චර්යාවන් ඔස්සේ ඔබේ දරුවාට කණ්ඩායමක් තුළ ඉගෙනීම පිළිබඳ වැඩි විශ්වාසයක් ඇති කර ගැනීමට උපකාරී වන ව්‍යුහයක් සපයයි. නිතිපතා ළදරු පාසලට පැමිණීම ඔබේ දරුවාට පහසුවෙන් පාසල් ජීවිතයට හැඩ ගැසීමට සහාය විය හැකි ය. මෙයට හේතුව වන්නේ නොකඩවා ළදරු පාසලට යන දරුවන් පාසල් යාම ආරම්භ කළ පසු ඔවුන්ගේ සහභාගිත්ව මට්ටම පවත්වා ගැනීමට වැඩි ඉඩක් තිබීම යි.
පර්යේෂණවලින් පෙනී යන්නේ, පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2 ක් හෝ 3 ක් ළදරු වැඩසටහනකට සහභාගී වූ සිසුන්, වයස අවුරුදු 16 දී ඉංග්‍රීසි සහ ගණිතය සඳහා සහභාගී නොවූ අයට වඩා ඉහළ ලකුණු ලබා ඇති බවයි.
මාපියන්ට හා ළදරු පාසල්වල අධ්‍යාපනවේදීන්ට එක්ව කටයුතු කළ හැක්කේ කෙසේද
මාපියන්/රැකවරණ සපයන්නන්, පවුල් හා ගුරුවරුන්ගේ සහයෝගීත්වය ඇති විට ළදරු පාසල් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීම සිදුවේ. මාපියකු/රැකවරණ සපයන්නෙකු ලෙස ඔබේ දරුවාගේ සංවර්ධයේ ඉතාම වැදගත් කොටස ඔබයි. ඔවුන්ට හරි වැරදි , ඔබේ භාෂාව, සංස්කෘතිය හා කරුණාව හා ගෞරවය වැනි අගනාකම් කියා දෙන්නේ ඔබයි. ළදරු පාසලේ දී සිදුවන දේ ගැන හා ඔබේ දරුවාට නිවසේ දී ඉගෙනීමට උපකාර වන ආකාරයන් ගැන ගුරුවරුන් විසින් ඔබ සමග කතා කරනු ඇත. ඔවූන්ට ඔබේ දරුවා උනන්දු වන දේ ගැන හා ඔවුන් ඉගෙන ගැනීමට කැමති ආකාරය දැන ගැනීමට අවශ්‍ය වේ.
භාෂණ පරිවර්තකයෙකු සංවිධානය කර දෙන ලෙස ඕනෑම අවස්ථාවක දී ඔබට ළදරු පාසල් ගුරුවරයාගෙන් ඉල්ලා සිටිය හැකිය. මෙය අදාළ ස්ථානයේදී, දුරකථන මගින් හෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ හැකිය. මෙම සේවාව ලබා ගැනීම සඳහා ඔබ ගෙවීමක් සිදු කළ යුතු නොවේ.
ඔබ කැමති භාෂාවකින් ඔබේ ළදරු පාසල් සේවාව සමග කතා කිරීමට අවශ්‍ය නම්, ඔබට නොමිලේ දෙමාපියන් සහ රැකබලාගන්නන් සඳහා ලබා දෙන දුරකථන භාෂණ පරිවර්තන සේවාව භාවිත කළ හැකි ය. මෙම සේවාව දැනට භාෂා 30කින් පිරිනමනු ලැබේ.
ඔබ ළදරු පාසලේ නම සහ දුරකථන අංකය භාෂණ පරිවර්තකට පවසනු ඇති අතර, ඔබේ ඇමතුම අවසන් වන තුරු භාෂණ පරිවර්තක ඇමතුමේ රැඳී සිටිමින් පරිවර්තනය සිදු කරනු ඇත. දෙමාපියන් සහ රැකබලාගන්නන් සඳහා වන මාර්ගෝපදේශයේ ඇති පියවර අනුගමනය කරන්න.
ළදරු පාසලේ දී සිදු වන්නේ කුමක්ද
ගුරුවරුන් දරුවන් සෙල්ලම් කිරීමෙන් ඉගෙන ගැනීම දිරිමත් කරයි. මෙම ක්‍රියාකාරකම්වලට ඇඳීම, ගායනය, නැගීම, කැණීම, එළිමහනේ දුවපැනීම, සෙල්ලම් බඩු සමග ක්‍රීඩා කිරීම හා පොත් කියවීම ඇතුළත් විය හැකිය. ක්‍රීඩාව ඔස්සේ බෙදා හදා ගනිමින් හා වාරයන් ගනිමින් අනෙක් අය සමග සහයෝගයෙන් කටයුතු කරමින් පරිකල්පනය භාවිත කිරීමට හා සොයා ගැනීම් සිදු කිරීමට දරුවන් දිරි ගන්වයි. ඉංග්‍රීසි භාෂාව කතා කිරීම හා අවබෝධ කර ගැනීම ඇතුළුව දරුවන් ශබ්ද, වචන හා භාෂාව ගැන ඉගෙනීම සිදු කරනු ඇත.
ළදරු පාසල් අපගේ බහු සංස්කෘතික ප්‍රජාවෙහි කොටසක් වේ
සියලු පසුබිම්වල මාපියන්ට ඔවුන්ගේ ප්‍රජාවන් හි කොටසක් වීමට ළදරු පාසල් වැඩසටහන් මගින් ආරාධනා කරයි. ළදරු පාසල්, මාපියන්ට හමුවී කතන්දර බෙදා ගැනීමට හා එකිනෙකාගෙන් ඉගෙන ගත හැකි ස්ථානයක් සේ පවතියි.
ගුරුවරුන්ට ඔබේ දරුවා ගැන හා ඔබේ සංස්කෘතිය ගැන දැනගැනීමට අවශ්‍ය වනු ඇත. වික්ටෝරියාවේ විවිධත්වය සමරන්නා වූ සංස්කෘතික දින හා අවස්ථා පාදක කරගෙන ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් ඔබේ දරුවාට වඩාත් අර්ථවත් වන වැඩසටහන් සකස් කිරීමට මෙමගින් ඔවුන්ට උපකාර කරයි.
ගුරුවරුන් විසින් සියලු දෙනා ක්‍රියාකාරකම්වලට ඇතුළත් කර ගන්නා නිසා ඉංග්‍රීසි කතා නොකරන දරුවන්ට ද අනෙක් අයට මෙන් ම ක්‍රීඩා කිරීමේ හා ඉගෙනීමේ අවස්ථාව ලැබේ. සමහර ළදරු පාසල් වැඩසටහන්වල කිසිසේත්ම ඉංග්‍රීසි කතා නොකරන හෝ සුළු වශයෙන් කතා කරන දරුවන්ට උපකාර කිරීමට ද්විභාෂික අධ්‍යාපනවේදීහු සිටිති. දරුවන්ට අනෙක් අය සමග එක්ව කටයුතු කිරීමට, අනෙක් අය පිළිගැනීමට හා සංස්කෘතික වෙනස්කම්වලට ගරු කිරීමට ද උගන්වනු ලැබේ.
ළදරු පාසල් වැඩසටහන් වර්ග
දීර්ඝ දිවා සුරැකුම් (ළමා සුරැකුම් ලෙසද හැඳින්වේ) මධ්‍යස්ථානයකදී හෝ ස්වාධීන (සැසිවාර ලෙසද හැඳින්වේ) ළදරු සේවාවකදී අවුරුදු තුනක දරුවන්ගේ ළදරු පාසල් වැඩසටහනකට දරුවන්ට සහභාගී විය හැකිය මෙම සේවාවන් සාමාන්‍යයෙන් අවුරුදු හතරක් වයසැති දරුවන්ගේ ළදරු පාසල් වැඩසටහනක් ද පිරිනමයි.
දීර්ඝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ළදරු පාසල් වැඩ සටහනක් ඇතුළුව පූර්ණ අධ්‍යාපනය සහ රැකවරණය ලබා දිය හැකිය. ගුරුවරිය විසින් මෙහෙයවන ළදරු පාසල් වැඩසටහනක් අමතර පැය ගණනක අධ්‍යාපනය සහ රැකවරණය සමඟ ඒකාබද්ධව පැවතිය හැකිය.
ස්වාධීන සේවාවක දී ළදරු පාසල් වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ යම් යම් දිනවල දී හා විශේෂිත වේලාවන් හි දී පමණි. ස්වාධීන සේවා සාමාන්‍යයෙන් පාසල් වාර තුළ වසරකට සති 40ක් ක්‍රියාත්මක වන අතර පාසල් නිවාඩු කාලවලදී සේම නිවාඩු පවතියි. මෙම දින හා වේලාවන් ළදරු පාසල් සේවාව විසින් නියම කරනු ලැබේ.
Updated